fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා තරඟ සඳහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2020 18:11

ක්‍රීඩා තරඟ සඳහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සතියක් තුළදී ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කළා. ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවී කළ සාකච්ඡාවකදීයි.

නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් ලොව සෙසු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක්වුණා. එම තත්ත්වය යටතේ ක්‍රීඩා ක්ෂේත්‍රය යළි නගාසිටුවීමේ අරමුණ ඇතිවයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. පාසල් ක්‍රීඩාව, අන්තර් පාසල් ක්‍රීඩා තරගාවලි පැවැත්වීම, සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රීඩා උපකරණ භාවිතය සහ ක්‍රීඩාව ඉහළ නැංවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාකර තිබෙනවා. නිරෝධායන නීති හා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන උපදෙස්වලට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ. ආසාත්මිකතා සහ සංකූලතා ඇති පාසල්දරුවන් මෙන්ම පොදුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ඉසව් සඳහා යොදා නොගතයුතු බවට ද මෙහිදී තීරණය කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2020 18:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්