ලබන මස පළමුවෙනිදා සිට දෙසැම්බර් මාසය දක්වා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරෙනවා. මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ද හිමි වි තිබෙනවා.
එම අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. හෙට පස්වරුවේ ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරි මාස හතරක කාලය සඳහා එම ගිණුමෙන් රුපියල් බිලියන 1747.68ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් රුපියල් බිලියන 758 ක් ප්‍රාග්ධන වියදම්. එමෙන්ම ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන හා මෙහෙයුම් ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 4.98 ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා.වැඩිම මුදලක් ඇස්තමේන්තු කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. එම මුදල රුපියල් බිලියන 194.38 ක්.