අතුරුදන්වූ බව කියන අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදෙණිගම විමලතිස්ස ස්වාමීන්වහන්සේ දින 10 කට පසුව අද මාධ්‍ය ඉදිරියට පැමිණියා. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේට තමන් වහන්සේ රදවා තබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි මාධ්‍ය හමුවේදී උන්වහන්සේ අවධාරණය කළේ.
කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය වෙදෙණිගම විමලතිස්ස ස්වාමීන්වහන්සේ පැහැර ගෙන ඇති බවට පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ අද දිනයේදීත් චෝදනා කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලේ විමර්ශන කටයුතු සදහා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව සදහන් කළේ.
දින 10 ක් තිස්සේ පූජ්‍ය වෙදෙණිගම විමලතිස්ස ස්වාමීන්වහන්සේ අතුරුදන්ව සිටින බවටයි උන් වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට මේ සම්බන්ධයෙන් මීට පෙර යොමු කළ පැමිණිල්ලේ විමර්ශන විමසා බැලීම සදහා 3 වන දිනටත් එම ස්ථානයට පැමිණි අවස්ථාවේයි පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේ මේ බව කියාසිටියේ.
කෙසේ වෙතත් අතුරුදන් වූ බව කියන පුජ්‍ය වේදෙණිගම විමලතිස්ස ස්වාමීන්වහන්සේ මාධ්‍ය හමුවක් අද කැදවමින් තමන් සිටියේ කොහේ ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/A9Puq5xAfro”]