පුනර්ජනනීය විදුලි උත්පාදනය කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. පවත්නා පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති විධිමත් කිරීමටත් නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අදාළ අංශ සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තීරණය කළා.
කුඩා පරිමාන ජලවිදුලිබල ප්රවර්ධකයන්ගේ සංගමය හා සූර්බල කර්මාන්තකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙනුයි සාකච්ඡාව පැවැත්වුණේ. එහිදී මතු වූ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පුනර්ජනනීය විදුලි උත්පාදනය විධිමත් කරමින් ජාතික විදුලිබල පද්ධතියට ශක්තිමත් කිරිමට වඩාත් කැපවන බවයි දුමින්ද දිසානායක මහතා මෙහිදී කියා සිටියේ.