කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ දින තුනක අඛණ්ඩ වර්ජනයේ නියැලී සිටින දකුණු කොරියාවේ වෛද්‍යවරුන්ට නැවත සේවයට පැමිණෙන ලෙස එරට රජය නියෝග නිකුත් කර තිබෙනවා.
මහා පරිමාණ වැඩවර්ජනය හේතුවෙන් එරට ප්‍රධාන රෝහල් පහක සැත්කම් පවා කල් දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ දකුණු කොරියා සෞඛ්‍ය අංශ දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 320 ක් වාර්තා වුණා. පසුගිය සති දෙකක කාලය තුළ කෝවිඩ් ආසාදිතයින් සියයට විස්සකට ආසන්න පිරිසක් හඳුනා නොගත් මූලාශ්‍ර ආශ්රයෙන් වාර්තා වන පසුබිමක ක්‍රියාත්මක වන මෙම වැඩවර්ජනය වහාම නවතා දමන ලෙසයි එරට රජය නියෝගකර තිබෙන්නේ.