නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි
Related Articles
නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබෙනවා.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.
පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම් දෙන බව එහි සඳහන්.