fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව ඇගයේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2020 12:15

ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව ඇගයේ

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව ඇගයීම සඳහා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය වැඩසටහනක් සංවිධාන කළා.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉටුකළ කාර්ය අගයමින් විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සුබපැතුම් ගොනුකළ විශේෂ සංදේශයක් ද අමාත්‍යවරයා වෙත භාරදුන්නා. ඒ වෙළෙඳ අමාත්‍යාංශයේ දීයි. මෙම අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් ද එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2020 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්