fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උප අගමැති තනතුරක් ඉල්ලා නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2020 12:08

උප අගමැති තනතුරක් කිසිවෙකුත් ඉල්ලා නැති බවත් එය මාධ්‍යවේදීන්ගේ නිර්මාණයක් බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ලක්සල ආයතනයේ ඊයේ (25) කළ සංචාරකයින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

දේශීය හස්ත කර්මාන්තකරුවන්ගේ ගැටලු සොයා බලා ඊට විසදුම් ලබාදෙන බව ද බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

ලක්සල ආයතනයේ සංචාරයක නිරත වූ රාජ්‍ය අමාත්‍යවරයා සේවකයන් සමගද සාකච්ඡා කළා. පසුගිය කාලයේ ලක්සල ආයතනය අකර්මන්‍ය වී තිබූ බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2020 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්