fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යෞවන නායකත්ව ඇගයීම් සම්මාන උලෙළ නොවැම්බර් 24

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2020 11:33

යෞවන නායකත්ව ඇගයීම් සම්මාන උලෙළ නොවැම්බර් 24 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාව සහ කාන්තා කළමනාකරණ ආයතනය එක්වයි මෙය සංවිධාන කරන්නේ.

නිර්මාණශීලී යොවුන් නායකත්වයෙන් හෙබි තරුණ පරපුරක් රටට දායාද කිරීම මෙම සම්මාන උලෙළේ ඉලක්කයයි. වයස අවුරුදු 16 ත් 30 අතර තරුණ තරුණියන්ට මේ සදහා අයැදුම්පත් යොමුකර ඇති අතර අයැදුම්පත් භාර ගැනීම ලබන මස 5 වනදායින් අවසන් වනවා.

අධ්‍යාපන,  ක්‍රීඩා,  ජන මාධ්‍ය,  කෘෂිකර්ම,  නර්ථන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි සම්මාන පිරිනැමීමට නියමිතයි.

මේ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2020 11:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්