වයඹ පළාතේ සෞඛ්‍ය සේවා ආයතනවලට අයත් අබලන් වාහන පිළිබඳ සොයා බැලීමට පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
වයඹ පළාතේ සෞඛ්‍ය ආයතනවලට අයත් අබලන් වාහන විශාල සංඛ්‍යාවක් කුරුණෑගල පිහිටි පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට ගෙනවිත් දමා තිබෙනවා. මෙම වාහන කිසිදු ආවරණයකින් තොරව දිරාපත් වෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් කරුණු විමසීමටද ආණ්ඩුකාරවරයා කටයුතු කළා. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ඉදිකෙරෙමින් පවතින නව ගොඩනැගිල්ල පිළිබඳවද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වුණා.