එංගලන්ත – පකිස්ථාන තුන් වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පළමු ඉනිම සඳහා ලකුනු 583 ක් රැස් කළා. පකිස්ථාන කණ්ඩායමට පළමු ඉනිම වෙනුුවෙන් ලබාගැනීම හැකි වුනේ ලකුනු 273 ක් පමණයි.
ඒ අනුව දෙවනි ඉනිම සඳහාත් පන්දුවට පහර දීමට ඔවුන්ට සිදුවුණා. එහිදී පකිස්ථාන කණ්ඩායම කඩුළු හතරක් දැවී ලකුණු 187 ක් රැස් කළා.