හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ගොණු කිරීමට අභියාචනාධිකරණය ලබන මස 04 වනදා තෙක් කල් ලබා දුන්නා. ඒ මහබැංකු බැදුම්කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 07 දෙනෙකු විසින් ගොණුකර තිබූ පෙත්සම් අද නැවතත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා. පෙත්සම්වලට අදාළ විරෝධතා ගොණු කිරීම සදහා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, නීතිපතිවරයා, කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඇතුළු පාර්ශ්වවලට ලබන මස 04 වනදා තෙක් කල් ලබා දුන්නා.
පෙත්සම්කරුවන් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිද ශ්‍රී ලංකා මහබැංකුවේ නීති අංශයේ ඉහළ තනතුරක් දරන අයෙකු බවයි.එබැවින් එවැනි වරෙන්තුවක් නිකුත් කිරීම තුළින් මහේස්ත්‍රාත්වරයා පක්ෂග්රාහී ආකාරයෙන් ක්‍රියා කර ඇති බවයි පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ. තමන් අත්අඩංගුවට ගැනීම සදහා කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තු බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලා සිටිනවා. එසේම පෙත්සම් විභාග කර අවසන් වන තුරු වරෙන්තු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.
ඒ අනුව පෙත්සම් පිළිබද විභාගයක් පැවැත්වීමට දැනටමත් තීරණය කර ඇති අභීයාචනාධිකරණය පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ අතර ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අද පැමිණියා. අද උදෑසන 9.30 ට පමණ පරිශ්‍රයට ඇතුළු වූ ඒ මහතා පස්වරු එකයි තිහහට පමණ පරිශ්‍රයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.