සහෝදර සෙබළුන් දහස් ගණනකගේ ජීවීත රැක ගැනීම සඳහා ත්රස්තවාදීන් බෝම්බ ඇටවූ බුල්ඩෝසරයකට පැන සිය ජීවිතය කැප කළ හසලක ගාමිණී විරුවාගේ විසි නව වෙනි ගුණ සමරුව අලිමංකඩ දී පැවැත්වුණා.
එක්දාස් නවසිය අනූඑක වසරේ ජූලි මස 13 වනදා කුරිරු ත්රස්තවාදීන් එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය ව්‍යර්ථ කිරීම සදහා ගාමිණි කුලරත්න රණවිරුවා රට වෙනුවෙන් සිය ජීවිතය පුද කළා.
හසලක ගාමිණි විරෝධාර රණවිරුවාගේ විසිනව වෙනි ගුණ සමරුව අලිමංකඩ පිහිටි හසලක ගාමිණි පිළිරුව අභියසදී පැවැත්වුණේ කිලිනොච්චි ආරක්ෂක සේනාපති ආඥාපති මේජර් ජනරාල් කේ.එන්.එස්.ගොඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.