අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද යළි ඉදිරිපත් කෙරුණා.
වැඩිදුර විමසීම හෙට දිනට කල් තැබුණා. 2018 වසරේ අගෝස්තු මස 21 වනදා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතීඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවයි.