හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඉදිරිපත් කර ඇති අභියාචනා අභියාචනාධිකරණය හමුවේ අද යළි විභාගයට ගත්තා.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වීමෙන් පසුව ඇප මත මුදා හැර සිටින තමන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමිනුයි මෙම අභියාචනා ගොනුකර තිබෙන්නේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළා. වැඩිදුර කරුණු දැක්වීම ලබන 27 වනදාට කල්තැබුණා.