සුවය ලැබූ සංඛ්‍යාව 2,811ක් දක්වා ඉහළට
Related Articles
කොරෝනා රෝගීන් 2,811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 131 දෙනෙකු පමණයි.
මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2954 ක්. කොරෝනා බවට සැක සහිතව 58 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණයට යටතේ ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේදී කොරෝනා ආසාදනය වූවන් 6 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් මැලේසියාවේ ,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයින්.
මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඕස්ට්‍රේලියා රජයේ සහාය මත අත්‍යවශ්‍ය ආහාර ඇතුළු උපකරණ ලබාදීම අද සිදු කෙරුණා. පුද්ගලයින් 800 දෙනෙකු වෙනුවෙන් මෙම පරිත්‍යාග සිදු කෙරුණේ අනුරාධපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක , ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හේලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.