ඇමෙරිකාවේ විස්කොන්සින් ප්රාන්තයේ නිරායුද කළු ජාතික පුද්ගලයෙකුට පොලීසිය වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.
ඒ හේතුවෙන් මේ වන විට ප්රදේශවාසී කළු ජාතිකයන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ජේකොබ් බ්ලේක් නමැති වෙඩි ප්රහාරයට ලක් වූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔහුට වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කිරීමට සිදු වූයේ නිවසේ ඇති වූ තත්ත්වයක් සමතයකට පත් කිරීමට යාමේදී බවයි පොලීසිය සඳහන් කරන්නේ. කෙසේ වුව ද මේ වන විට විස්කොන්සින් ප්රාන්තයේ කෙනෝසා නගරයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.