වෛරස ආසාදිතයින් හට රුධිර ප්ලස්මා ප්රතිකාර සිදු කිරිමට ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ මණ්ඩලය අවසර ලබාදී තිබෙනවා.
සුව වූ අසාදිතයෙකුගෙන් ලබා ගන්නා ප්රතිදේහ වෛරස ආසාදිතයකුගේ සිරුරේ තැම්පත් කිරීමයි මෙහිදී සිදු වන්නේ. එමඟින් ආසාදිතයා සුවය ලැබීමේ වේගය වැඩිවනවා. මේ වනවිට ඇමෙරිකාව තුළ ආසාදිතයින් 70000 කට පමණ රුධිර ප්ලස්මා ප්රතිකාර ක්රමය සිදු කර ඇති අතර එමඟින් මරණ අනුපාතය 35% කින් පමණ පහළ බැස ඇති බවයි ජනාධිපති ඩොන්ල්ඩ් ට්රම්ප් පවසන්නේ.