fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පියාට සහ දියණියට මරු කැඳවූ රිය අනතුර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2020 11:53

රිය අනතුරකින් පියෙකු සහ දියණියක මිය ගියා. එම පවුලේ මව පුතා ඇතුළු තවත් කිහිප දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රී 9.30 ට පමණ මහනුවර ගලගෙදර ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුවුණේ. ලොරි රථයක් මෝටර්  රථ දෙකක ගැටී තිබෙනවා. ඉන් මෝටර් රථ දෙකට දැඩි හානි සිදුවුණා. පළමු මෝටර් රථය මව පදවා ඇති අතර ඇය සමඟ සිටි දියණිය ද බරපතල තුවාල ලැබුවා. අනෙක් මෝටර් රථයේ එකම පවුලේ පියා මව සහ දරුවන් දෙදෙනා පැමිණ තිබෙනවා. එහි සිටි 36 හැවිරිදි පියා සහ දෙහැවිරිදි දියණියයි මියගියේ. මව සහ පුතා බරපතල තුවාල ලැබුවා. ලොරි රථයේ රියදුරුද තුවාල ලබා ඇති බවයි ගලගෙදර පොලිසිය පවසන්නේ. ලොරි රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව ද පොලිසිය සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2020 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්