fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපතිවරයාට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාර උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2020 10:35

බෙලරූස් රාජ්‍යයේ ජනාධිපතිවරයාට විරුද්ධව ක්‍රියාත්මක උද්ඝෝෂණ ව්‍යාපාර උත්සන්න වෙමින් පවතිනවා.

පසුගිය මස පැවති ජනාධිපතිවරණයෙන් වත්මන් ජානාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ නැවතවරක් බලයට තේරී පත්වීමත් සමඟයි ඔහුට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ වුයේ. ඊයේ දිනයේ පැවති උද්ඝෝෂණ සඳහා දහස් ගණනක පිරිසක් සහභාගී වී සිටින අයුරු දක්නට ලැබුණා. වසර 26 ක් තිස්සේ බෙලරුස් රාජ්‍යයේ ජනාධිපතිධුරය හොබවන ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ තම ධුරයෙන් ඉල්ලා අස්වී නැවත වරක් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවටයි උද්ඝෝෂකයින් පවසන්නේ. උද්ඝෝෂණ සඳහා සහභාගී වන පිරිස වැඩි වීමත් සමඟ එරට ජනාධිපති මන්දිරය අවට ආරක්ෂාව දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2020 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්