පේරු රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ තෙරපීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
පේරු රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ සිදුවූ තෙරපීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිරෝධායන නීති කඩකරමින් රැස්වූ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණි අවස්ථාවේදී පැන යාමට තැත් කළ පිරිස අතරයි මෙම තෙරපීම සිදුව ඇත්තේ. පොලිසිය රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවීමට පෙර එයට කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇති බව සඳහන්. පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකර තිබෙනවා. ඉන් 15 දෙනෙකුම කොරෝනා වෛරස ආසාදිතයින් බව එරට ජනාධිපති මාටින් විස්කාරා සඳහන් කරනවා. වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පේරු රාජ්‍ය තුළ රාත්‍රී සමාජ ශාලා ක්‍රියාකාරකම් පසුගිය මාර්තු මාසයේ සිට තහනම් වනවා.