දරුවන් පාසල් නොයා සිටීම කොරෝනා වැළදීමටත් වඩා හානිදායකයි
Related Articles
දරුවන් පාසල් නොයා සිටීම වෛරසය වැළදීමටත් වඩා ඔවුන්ට හානිදායක බව බ්‍රිතාන්‍ය විශේෂඥ කණ්ඩායමක් සඳහන් කරනවා.
කොරෝනා වෛරසය වැළදීමෙන් දරුවන් මිය යාමේ ප්‍රවණතාව ඉතාමත් සුළු අගයක් ගන්නා අතර අධ්‍යාපන කටයුතු අඩාල වීම ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම බලපාන බවයි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයකු වන ක්‍රිස් විටී සඳහන් කර සිටියේ. සැප්තැම්බර් මාසයේ පටන් දරුවන් යළි අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී කරවීමට දෙමාපියන් කටයුතු නොකලහොත් දරුවන්ගේ අනාගතය පිළිබඳව ඛේදනීය තත්ත්වයක් උද්ගත වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියා. පාසලේ අධ්‍යාපන කටයුතුවලට සහභාගී වීම තුළින් දරුවන්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය ද යහපත් තත්ත්වයේ පවත්වාගත හැකි බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.