fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාවේ වාසය කළ ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2020 15:22

දකුණු අප්‍රිකාවේ වාසය කළ ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන තැනැත්තා මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්‍රෙඩී බ්ලෝම් නමැති මෙම පුද්ගලයා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 116 ක් බවයි වාර්තා වන්නේ. හැඳුනුම්පතේ ඔහුගේ උපන් දිනය 1904 වසරේ මැයි මස ලෙස දැක්වුණ ද ගිනස් ලෝක වාර්තා කමිටුව මගින් එය තහවුරු කර නැහැ. ඔහුට වයස අවුරුදු 14 ක් වන විට පවුලේ සියලු දෙනාම වසංගත රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බව ෆ්‍රෙඩී බ්ලෝම් 2018 වසරේ බීබීසී පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. ලෝක යුද්ධ 2 කින් හා වර්ගවාදී ගැටුම්වලින් තමාට ජීවිතය ගලවා ගැනීමට ලැබීම භාග්‍යයක් බවයි ඔහු පවසා ඇත්තේ. කෙසේ වුව ද ෆ්‍රෙඩී බ්ලෝම් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා කමිටුව මෙතෙක් තහවුරු කර නැහැ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2020 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්