තම නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස මාතලේ දිස්ත්රික්කයේ ගොරකා වගාකරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ දිනවල ගොරකා අස්වැන්න නෙළීම ආරම්භ කර ඇතත් නිසි මිලක් නොලැබීම නිසා අස්වැන්න නෙළීම අත්හැර දමා ඇති බවයි ගොවීන් පවසන්නේ. වියළි ගොරකා නිෂ්පාදනය කිරීම සඳහා විශාල කාලයක් හා ශ්රමයක් වැය වන බැවින් නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් මෙම ක්රියාවලියෙන් ද ඉවත් වූ බව ඔවුන් කියා සිටිනවා. මාතලේ දිස්ත්රික්කයේ මඩවල, යටවත්ත, රත්තොට, උකුවෙල ආදී ප්රදේශ රැසකින් ඉහළ ගොරකා අස්වැන්නක් වාර්තා වුණා.