මහත්මා ගාන්ධිගේ උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී වෙන්දේසි කෙරේ
Related Articles
ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ මහත්මා ගාන්ධි භාවිත කළ උපැස් යුවළ බ්‍රිතාන්‍යයේදී පවුම් දෙලක්ෂ හැට දහසකට වෙන්දේසි කෙරුණා. මෙම උපැස් යුවළ ඊස්ට් බ්‍රිස්ටල් නමැති වෙන්දේසි සමාගමේ තැපැල් පෙට්ටියට කිසියම් පුද්ගලයෙකු දමා ගොස් තිබුණා. අදාළ පුද්ගලයාගේ මාමා කෙනෙකුට මහත්මා ගාන්ධිම 1920 දශකයේදී මෙම උපැස් යුවළ පරිත්‍යාග කොට තිබූ බවයි සොයා බැලීම්වලදී හෙළිවී ඇත්තේ. ගාන්ධි භාවිත කළ උපැස් යුවළ රැසක් මෙලෙස විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට වරින් වර ලබා දී තිබෙනවා.