දිවයිනෙන් බැහැර යාමට උත්සාහ කළ අපරාධ කල්ලි සාමාජිකයන් 4 දෙනෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගමගේ සාරංග ප්රදීප් හෙවත් වැල්ලේ සාරංග නමැති අපරාධකල්ලි සාමාජිකයා ඇතුළු තුන්දෙනෙකුයි දිවයිනෙන් බැහැරව යාමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොල මගී පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. කේරල ගංජා ජාවාරම්කරුවෙකු වන රණසිංහ ආරච්චිගේ ඉෂාර ලක්මාල් , අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනෙකු වන කතළුවලියනගේ බුද්ධික සංජීව සහ තාබ්දීන් මොහොමඩ් සුබීර් අත්අඩංගුවට පත් සෙසු අපරාධකල්ලි සාමාජිකයන් වනවා.