අපරාධකල්ලි සාමාජිකයෙකු වන චමින්ද එදිරිසූරිය හෙවත් චමියා නමැති පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකදී වෙඩි වැදී මියගොස් තිබෙනවා.
අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ අපරාධකල්ලියේ වෙඩික්කරුවෙකු ලෙස චමියා නමැති මෙම පුද්ගලයා කටයුතු කර ඇති බවයි හෙළිවී ඇත්තේ. ඔහු පොලිසියට වෙඩි තැබීමට ගත් උත්සාහයකදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වුණා. කළුතර ප්‍රදේශයේ බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කළ බස්රථ දෙකකට වෙඩි තැබීමේ සිද්ධියේ ද සැකකරුවෙකු ලෙස මොහු හඳුනා ගැනෙනවා. 2001 වර්ෂයේදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.