fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන මස 01 වැනිදා සිට සියලු පාසල් කටයුතු සාමාන්‍ය පරිදි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 15:59

ලබන මස පළමුවනදා සිට සියලු සිසුන් සාමාන්‍ය පරිදි  පාසල්වලට ගෙන්වා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

ලබන පළමුවනදා සිට පාසල්වලට සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට අදාළ උපදෙස් ඇතුළත් ලිපියක් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ (20) දිනයේ යොමුකර තිබෙනවා. පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසයි ඉන් දැනුම්දී ඇත්තේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස් ලබාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට විශේෂ ලිපියක් යොමුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළේ.

මේ අතර වර්තමාන අධ්‍යාපනයට ගැලපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

උසස් පෙළ පන්ති සදහා විෂයන් කිහිපයකට පෙළපොත් නොමැතිවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්