fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු රාජකාරි අරඹයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 14:34

රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විදේශ අමාත්‍යංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළා. ආගමික ආශිර්වාද මධ්‍යයේ ඒ මහතා වැඩ භාරගන්නා අවස්ථාවට විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ගුදම් පහසුකම්, බහාලුම් අංගන ,වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද අද වැඩ භාරගත්තා. උදය ගම්මන්පිල,  රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 14:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්