රාජ්‍ය ඡායාරූප උළෙල කොළඹදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.
රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවයි උත්සවය සංවිධානකර තිබුණේ. මෙවර අංශ දෙකක් යටතේ තරග පැවැත්වුණා. කොවිඩ් සමඟ ජන ජීවිතය තරග අංශයේ ප්‍රථම ස්ථානය රුවන් සමාධි දිනාගත්තා. විවෘත අංශයේ ප්‍රථම ස්ථානය හිමිවූයේ සුදානාත් කේදීස්වරන්ටයි.
ජීවිතයට එක්වරක් පමණක් පිරිනැමෙන ඡායාරූප අභිමානී සම්මානය මෙවර ප්රදානය කෙරුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ගුණදාස හෙට්ටිආරච්චි මහතාටයි. රූපාවලෝකන වෙබ් පිටුව, ශාස්ත්‍රීය සංග්‍රහය සහ සමරු කලාපය එළිදැක්වීම ද මෙහිදී සිදුකෙරුණා.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති ප්‍රවීණ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0LgFJKmbXl4″]