බර ඉසිලීමේ ලංකා වාර්තාව හිමි විශ්විකට ලෝකය දිනන්නට උදව් අවශ්‍යයි
Related Articles
මීරිගම – ඉඹුලන්වල සහන් විශ්වික සිසුවා බර ඉසිලීමේ ලංකා වාර්තාවට හිමිකම් කියනවා. ආර්ථික අපහසුතා නිසා ලෝක ශූරතා තරගාවලියට සහභාගිවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි එම සිසුවා පවසන්නේ.
මීරිගම ඩඩ්ලි සේනානායක විදුහලේ අධ්‍යාපනය ලබන සහන් විශ්වික කිලෝගෑම් 535 බර කාණ්ඩ තුනක් යටතේ වාර්තාවක් තබා තිබෙනවා.
2019 ජාතික බර ඉසිලීමේ සංගමය බණ්ඩාරගමදී පැවැත්වූ තරගාවලියෙන් ඔහු තැබූ වාර්තාව බිදදැමීමට මෙතෙක් කිසිවෙකුටත් හැකිවී නැහැ.
බර ඉසිලීමේ තරගවල නිරත වුවද තම දරුවාට පෝෂ්‍යදායී ආහාර ලබාදීමට තමන්ට හැකියාවක් නැති බවයි ඔහුගේ දෙමව්පියන් පවසන්නේ.
ඒ ඔවුන්ට ස්ථීර රැකියාවක් නොමැතිවීම හේතුවෙන්. ඔහුට මේ වනවිට ගම්පහ පවර් ෆයිටර්ස් ක්‍රීඩා සමාජය මගින් නොමිලේ ක්‍රීඩා පුහුණුව ලබාදෙනවා.