fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ජෝ බයිඩ්න්ට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 11:18

මෙම වසරේ නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය 74 වියැති ජෝ බයිඩ්න්ට හිමිව තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණ ආලෝකය හා අන්ධකාරය අතර තරගයක් බවයි ඔහු අපේක්ෂකත්වය හිමි වීමෙන් පසු මාධ්‍ය හමුවේ පවසා සිටියේ. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනෙන් දින ඇමෙරිකාව අගාධයට රැගෙන යන අතර රට නැවත ගොඩනැගීම සදහා තමා සමග එක්වන ලෙස ඔහු ඇමෙරිකා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ජෝ බයිඩ්න්ගේ 50 වසරකට ආසන්න තම දේශපාලන දිවියේ සිදුකළ දැවැන්තම ජනතා ඇමතීම මෙය ලෙස විශ්ලේෂකයින් සදහන් කරනවා.

කෙසේ වුවද රිපබ්ලිකන් අපේක්ෂක වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරි දින 75 තුලදී ජනාධිපතිවරණ තරගයේ තවදුරටත් ඉදිරියට පැමිණෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්