fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටිපර් රථයට යට කළ හක්මන පොලිස් නිලධාරියාගේ දේහය නිවසට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 11:25

හක්මන කෝංගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ටිපර් රථ රියදුරෙකු සිදු කළ අනතුරෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පොලිස් නිලධාරියාගේ දේහය අද (21) අලුයම ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

සති පහක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පොලිස් නිලධාරියා ඊයේ (20) මිය යනවිට 47 වන වියේ පසුවුණා. ඔහු තිදරු පියෙක්. මෙසේ මියගිය පොලිස් සැරයන් දොඩම්පහළ හේවාගේ දිලීප මහතාගේ දේහය කිරින්ද පුහුල්වැල්ල,  වතුපොලකන්ද නිවස වෙත රැගෙන එනු ලැබුවා.

අවසන් කටයුතු හෙට (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. මාතර හක්මන මාර්ගයේ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක් කර ටිපර් රථයක් පළා ගියේ පසුගිය මස 13 වනදා රාත්‍රියේයි.

එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු එම ස්ථානයේදීම මියගියා. අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2020 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්