fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටිපර් රථයට යට කළ හක්මන පොලීසියේ සැරයන්වරයාත් මිය යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2020 11:34

හක්මන කෝංගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ටිපර් රථ රියදුරෙකු සිදු කළ අනතුරෙන් තුවාල ලබා සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද (20) අලුයම ජීවිතක්ෂයට පත් වුණා.

ඒ සති පහක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයී.

මාතර හක්මන මාර්ගයේ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් අනතුරට ලක් කර ටිපර් රථයක් පළා ගියේ පසුගිය මස 13 වනදා රාත්‍රියේයි. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු එම ස්ථානයේදීම මියගියා. තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු තුවාල ලැබුවා. මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් දොඩංපහළ හේවාගේ දිලිප් මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි හක්මන පොලීසිය සදහන් කළේ.

කිරින්ද පුහුල්වැල්ල වතුකොළකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මියගිය පොලිස් සැරයන්වරයා තිදරු පියෙක්. අනතුර සිදුකළ ටිපර් රථ රියදුරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර අද (20) දිනයේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැදවීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2020 11:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්