ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ජංගම දුරකතන ලබාදෙන මුවාවෙන් මූල්‍ය වංචා සිදුකළ කණ්ඩායමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
ෆේස්බුක් වෙබ් අඩවියේ ඒපෙක්ස් වර්ල්ඩ් නමැති පිටුව මගින් මෙම වංචාව සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා. රුපියල් ලක්ෂ ගණනක් වටිනා නවීන ජංගම දුරකතන එහි වටිනාකමින් තුනෙන් එකක් ගෙවා ලබාගැනීමට පහසුකම් සළසන බව පවසමින් දිවයින පුරා ෆේස්බුක් පරිශීලකයින්ගෙන් මුදල් වංචා කර ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ. මෙම සිද්ධියට අදාළව තිස්සමහාරාම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබෙනවා. කෑගල්ල, මාවනැල්ල,කුරුණෑගල, මාවතගම,හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකින් මෙම වංචාවට අදාළව පැමිණිලි ලැබී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන්කර ඇත්තේ. දැනට ලැබී ඇති තොරතුරු අනුව රුපියල් මිලියනයකට අධික මුදල් වංචාකර ඇති බව තහවුරුවී තිබෙනවා. මෙම වංචාවට හසුවූ අය වෙතොත් දැනුම් දෙන ලෙසයි කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ බී කීර්තිරත්න මහතා සඳහන් කළේ.