fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොඩියේ මන්ත්‍රී ධුර ප්‍රශ්නයටත් හූල් හරස් වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2020 17:29

අර්බුදයට ලක්ව ඇති අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසම වෙත අදත් පැමිණියා.

“]

සිය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තවම තීරණයක් ගෙන නැත්තේ එහි සාමාජික රත්නජීවන් හූල් මහතාගේ ගැටලුවක් නිසා බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක්. පක්ෂයේ අභ්‍යන්තර අර්බුද උද්ගතවීම ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි ඊයේ මෙන්ම අද දිනයේද පක්ෂ නියෝජිතයින් පිරිසක් මැතිවරණ කොමිසම වෙත පැමිණියේ. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නීතිපතිවරයා සමග ද සාකච්ඡා කළා. නීතිපතිවරයා දැනුම්දී තිබුණේ මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයක් ගන්නා ලෙසයි. අපේ ජන බල පක්ෂයේ නව ලේකම් නිශාන්ත රත්නායක මහතා චෝදනා කරන්නේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාටයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2020 17:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්