හෙරොයින් තොගයක් සමඟ කොලොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාදුක්ක පොලීසිය, පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි නිවසක් තුළ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. ඉන් පසු තුන්නාන ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී කොලොන්නාව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් පිළිබද කරුණු අනාවරණය වූ අතර එහි තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් සියයක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා. ඒ සමග මත්කුඩු බෙදාහැරි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. ඔහු කොලොන්නාව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු බව පොලීසිය සදහන් කළා. සි
දුකළ වැටලීම්වලදී ත්‍රි රෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු ද හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. අත්අඩංගුවට ගත් පිරිස මත්කුඩු ප්‍රවාහනය කිරීම සදහා භාවිත කළ නවීන පන්නයේ මෝටර් රථයක්, ත්‍රි රෝද රථ දෙකක් ජංගම දුරකතන 14 ක් ඉලෙක්ට්‍රොනික තරාදියක් ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගැණුනා.
සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.