හඟුරන්කෙත පොරමඩුල්ල ප්රදේශයේ කුඹුරු ඉඩමක් ගිලාබැසීමට හේතුව එම ප්රදේශයේ පවතින අධික හුනුගල් සහිත භූ ස්ථරය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
කුඹුරු ඉඩම් ආශ්රිත ප්රදේශයට වර්ෂා ජලය එක්වීම නිසා මෙම පාශාන ස්ථර දිරාපත්වීමෙන් ගිලාබැසීම සිදුවන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ගිලාබැසීමට ලක්වූ කුඹුරු ඉඩම ආශ්රිතව සියලු ක්රියාකාරකම් අත්හිටුවීමට හඟුරන්කෙත ප්රාදේශීය සභාව පියවර ගෙන තිබෙනවා. අඩි දහයක පමණ විවරයක් නිර්මාණය වෙමින් මෙම ගිලාබැසීම සිදුවී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මක වන බවයි හඟුරන්කෙත ප්රාදේශීය ලේකම් අයි කේ සේනානායක මහතා සඳහන් කළේ.