fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියාවේ පළමු “හියුමනොයිඩ්” රොබෝ යන්ත්‍රය හදපු අපේ තරුණයින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2020 18:58

දකුණු ආසියාවේ පළමු හියුමනොයිඩ් රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට මෙරට තරුණයින් පිරිසක් සමත්ව සිටිනවා. මව්බිමට ගෞරවයක් එක්කර දෙමින් සිංහල භාෂාවෙන් සිය කාර්යන් ඉටුකළ හැකි ආකාරයෙන් මෙම රොබෝ යන්ත්‍රය නිපදවා තිබීම විශේෂත්වයක්.

දියසෙන් ලෙස නම් කර ඇති මෙය මෙරට මෙන්ම දකුණු ආසියාව තුළ නිපද වූ පළමු හියුමනොයිඩ් රොබෝ යන්ත්‍රයයි. ඇරිමාර්ක් ඩිජිටල් ලංකා ආයතනයේ නිෂ්පාදන කණ්ඩායම වසර දෙකක් පුරා මෙහි පර්යේෂණ කටයුතු සිදු කළා. ලොව මෙතෙක් නිපදවා  තිබෙන්නේ අඩි තුනහමාරක් පමණ විශාලත්වයෙන් යුත් හියුමනොයිඩ් රොබෝ යන්ත්‍රයි.

එහෙත් ඒම නිෂ්පාදන අභිබවමින් අඩි හතර හමාරක උසකින් යුක්තව දියසෙන් රොබෝ නිෂ්පාදනය කිරීම ද ජයග්‍රාහී අවස්ථාවක් වනවා. මෙරට තාක්ෂණික ක්‍රමෝපායන්ට අනුව නිෂ්පාදිත රොබෝ යන්ත්‍රය තුළින් පාරි‌භෝගිකයන් සමග ගණුදෙණු කිරීම ප්‍රධාන අරමුණක්. සිතියමක් ඔස්සේ සොයා ගැනීම් සිදු කිරීම සිංහල භාෂාවෙන් හඩකැවීම් සහිතව උපදෙස් ලබාදීම ඇතුළු ක්‍රියාකාරකම් සහිතවයි මෙම රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කෙරෙන්නේ.

රොබෝ යන්ත්‍රයේ සියලු නිමැවුම් කටයුතු අවසන් කර ඇති අතර ඉදිරියේ දී එය එළිදැක්වීමට නියමිතයි. නව නිපැයුම් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකෙරෙන අද දවසේ දියසෙන් රොබෝ මෙරට තාක්ෂණික පෙරලියක පෙර නිමිත්තක් වනු ඇති.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2020 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්