මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුලු 4 දෙනෙකු මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන විත් තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ රැදවූවන්ට පහසුකම් ලබාදීමේ චෝදනාවට අදාළ නඩුව මීගමුව මහේස්ත්රාත් අධිකරණයේදී අද යළිත් විභාගයට ගැනෙවා. දින 11 කට අධික කාලයක් සැඟව සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය දෙවනදා කුරුණෑගල දී පොලිස් භාරයට පත් වුණා. ඔහුට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර ඉල්ලා සිටියද එය ප්රතික්ෂේප කෙරුණා.