ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යූහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.
රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය අරඹමින් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුද බතික් අත්යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇගළුම් කර්මාන්තය ආශ්රිත ආයතන ප්‍රධානීන් මෙන්ම ව්‍යවසායකයින්ද එක්ව සිටියා. බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළා. එම කර්මාන්තය ගොඩනැගීමේ සැලැස්මක්ද සකස් කරන ලෙසයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේ.