Facebook සමාජ මාධ්‍ය හේතුවෙන් ඉන්දියාවේ දේශපාලන අර්බුදයක් ඇතිව තිබෙනවා.
FAcebook සමාජ මාධ්‍ය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයට හිතවාදී ආකාරයෙන් කටයුතු කර ඇති බවට ඇමෙරිකානු පුවත්පතක් සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් මෙම දේශපාලනික අර්බුදකාරී තත්ත්වය උද්ගතව තිබෙනවා. ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සදහන් කරන්නේ ෆේස්බුක් මගින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දක්ෂිණාංශ දේශපාලන ක්‍රියාකාරීන්ගේ වෛරී ප්‍රකාශ වැළැක්වීමට හිතාමතාම කටයුතු නොකළ බවයි. එම පුවතත් සමගින් තමන්වෙත දුරකතන සහ අන්තර්ජාලය ඔස්සේ මරණ තර්ජන එල්ලවන බවට ෆේස්බුක් ආයතනයේ ඉන්දීය විධායක නිලධාරියකු දිල්ලි පොලීසිය වෙත පැමිණිල්ලක් ද කර තිබෙනවා. මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් කොංග්රස් පක්ෂය තම අප්‍රසාදය පල කරන අතර ඔවුන් කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔවුනගේ සිතැගි පරිදි පරිහරණය කරන බවයි.