පසුගිය යහපාලන රජය සමයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති පාඩුවක් සම්බන්ධයෙන් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ රහස් පොලීසියට පැමිණිලි කළා.
පසුගිය රජය සමයේ ඛනිජ තෙල් සංස්ථාව තාර නිකුත් කිරීමේදී මෙම අලාභය සිදුකර ඇති බවටයි පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ චෝදනා කරන්නේ. රුපියල් මිලියන 353.8 ක හා රුපියල් මිලියන 129.8ක අලාභයක් එහිදී සිදුව ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/XnmW2W9koNQ”]
මේ අතර ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හලක් බදු දීමේදී ද තවත් රුපියල් ලක්ෂ 255 ක ආදායමක් රජයට අහිමි වී ඇති බවට ද රහස් පොලීසියට පැමිණිලි කළ බව සුදත්ත ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළා.