බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණ උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. අද දිනයේ පැවති උද්ඝෝෂණ සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටින අයුරු මාධ්‍ය වාර්තා කර සිටියා. ඉදිරි දින කිහිපය ඇතුළතදී රට පුරා වර්ජන රැල්ලක්ද ක්‍රියාත්මක කරන බවට උද්ඝෝෂකයින් අනතුරු අගවනවා. කෙසේ වුවද එරට විපක්ෂ නායිකාව සඳහන් කරන්නේ තමා බෙලරූස් රාජ්‍යයට නායකත්වය දීමට සූදානම් බවයි. මේ අතර බෙලරූස් රාජ්‍යයේ ඇතිවන ඕනෑම තත්ත්වයක දී බෙලරූස් රජයට හමුදා සහාය ලබාදීමට සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පවසනවා.

බෙලරූස් ජනපතිට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණ උත්සන්න වෙයි
කියවීමට මිනිත්තු 1