බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ලබන සතියේ සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව එම පියවර ගන්නා බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව සඳහා ලබාදීමට කටයුතු කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළා. ඊට අදාළ මූලික කටයුතු මේ වන විට සකස් කෙරෙමින් තිබෙන බවයි ඒ මහතා කියා සිටියේ. බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නීතිවිරෝධී ද්‍රව්‍ය විසි කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළදී වාර්තා වුණා. එවැනි ක්‍රියා ඇතුළු බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු රැසක් අත්හිටුවීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යෙදවෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tgj4chNna7k”]