මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් සමඟ බැංකු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පෞද්ගලික බැංකු සේවකයෙකු වන සැකකරු කලක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බවයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.
ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෂීස් මිලිග්‍රෑම් 15,000ක් , මත් පෙති 15ක්, හෙරොයින් මිලිග්‍රෑම් 1500ක් සහ ගංජා මිලිග්‍රෑම් 85,000ක් වනවා. විසිතුන් හැවිරිදි සැකකරු කොළඹ ප්‍රදේශයෙන් මෙම මත්ද්‍රව්‍ය මිලදී ගෙන මාතර දෙවුන්දර හා ගන්දර ආදී ප්‍රදේශවල ගැනුම් කරුවන්ට බෙදා හැර ඇති බවයි පොලිසිය පවසන්නේ. රැදවුම් නියෝග මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි. ගන්දර පොලිසිය මේ පිළිබඳ පරික්ෂණ පවත්වනවා.