වැරදි ඖෂධ භාවිත කිරීමෙන් දෑස් අන්ධ වූ මීරිගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පිළිබඳ අප ප්රවෘත්ති විකාශයෙන් වාර්තා කිරීමත් සමග රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිවසට ගොස් තොරතුරු සොයා බැලුවා.
සිද්ධිය සම්බන්ධයෙන් සති 2 ක් තුළ විශේෂඥ කමිටුවක් තුළින් පරික්ෂණයක් සිදු කරන බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.
මීරිගම කල්එළිය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවාට අවශ්‍ය ඖෂධ මීරිගම රෝහල මගින් පසුගිය අප්‍රේල් මස 6 වනදා තැපැල් මගින් එවා තිබෙනවා. කෙසේ වුව ද එම ඖෂධ භාවිත කිරීමෙන් පසු දරුවාගේ දෑස් අන්ධ තත්ත්වයට පත් වූ බවයි දෙමව්පියන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් මීරිගම රෝහල විශේෂඥ කණ්ඩායමක් යොදවා පරික්ෂණ සිදු කරනවා. මේ පිළිබඳ පෙරේදා දිනයේ අපගේ රාත්‍රී ප්රවෘත්ති විකාශයෙන් හෙළි කිරීමත් සමග ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා එම සිසුවාගේ නිවසට අද පැමිණියා. මෙවැනි තොරතුරු මාධ්‍ය මගින් හෙළි කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/QlctN-e91Mc”]