බතික් කර්මාන්තය සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් එම කර්මාන්තයේ නියැලි පිරිස්වල ප්‍රසාදය පළවී තිබෙනවා.
දශක තුනකට වැඩි කාලයක් මුළුල්ලේ පසුබෑමට ලක්ව ඇති බතික් කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණෙන් එම ක්ෂේත්රය සඳහා රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීම පිලිබඳව ජනාධිපතිතුමාට සහ රජයට ස්තූතිය පළකරන බවයි බතික් කර්මාන්ත කරුවන් පවසන්නේ. වයඹ පළාතේ මාරවිල, කොස්වාඩිය, තල්විල, හාල්පන්විල ඇතුළු ගම්මාන රැසක ජනතාව බතික් කර්මාන්තයේ නියැලි සිටිනවා. බතික් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල අධික වීම හේතුවෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට දැඩි අභියෝගයක් එල්ලවූ බවයි එම ජනතාව පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/YscxgIOBUHs”]