නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මේ වන විට දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ අනුව නීති විරෝධී ලෙස මෙරටට ගෙන් වූ මැන්ඩි නම් රසායනික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. මේ පිලිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කරුණු පැහැදිලි කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mZT-YGLpJuE”]
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දිවයින පුරා පුළුල් මෙහෙයුම් ගණනාවක් මේ වන විට ක්‍රියාත්මක වනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල අනාවරණය කර ගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් රැසක් සිදුකර ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවුණා. කොළඹ මට්ටක්කුලියේ සිට පුත්තලමට ත්‍රීරෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තරුණයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. 66 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස මත්කුඩු ප්‍රවාහනය සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා. ඔවුන් දීර්ඝ කලක් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා. සැකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මේ අතර හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයෙකු ගන්දර දෙවිනුවර ප්‍රදේශයෙන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගන්දර පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කෙරුණේ. හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 50ක් හෂිස් ග්‍රෑම් 15 ක්, ගංජා ග්‍රෑම් 85 සහ මත්පෙති 15ක් සැකකරු සන්තකයේ තිබු බවයි පොලිසිය පැවසුවේ. ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුනා.
මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ තරුණයන් තුන් දෙනෙකු නාවලපිටිය පොලිසියේ දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණයන් තුන්දෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 530ක් සහ කේරළ ගංජා 130ක් ද පොලිස් භාරයට ගත්තා.
අඛණ්ඩව සිදු කෙරෙන වැටලීම් හේතුවෙන් වෙලෙඳපොලේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හිගයක් ඇතිවී තිබෙනවා. මේ හේතුවෙන් ජවාරම්කරුවන් විකල්ප මත්ද්‍රව්‍ය විවිධ ක්‍රම ඔස්සේ මෙරටට ගෙන්වීමට කටයුතු කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/yzgLdQfzZGo”]