නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ මුහුදේ කිමිදෙමින් සිටි බිරිඳට එල්ලවූ මෝරෙකුගේ ප්‍රහාරයකින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට සැමියා සමත්වුණා. 35 හැවිරිදි ඩොයිල් නමැති කාන්තාව මෝරාගේ ප්‍රහාරයට ලක්වනවාත් සමගම ඇය සත්වයාගේ ග්රහණයෙන් මිදෙන තෙක් ඔහු මෝරාට තම දෑතින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ඇයගේ දකුනු පාදයට දරුණු හානි සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ප්‍රහාරය සිදුකළ මෝරා මීටර් 03 ක පමණ දිගින් යුක්ත බව එරට මාධ්‍ය වාර්තා කරනවා.